ප්‍රමුඛ පුවත 1

දෙවන පාසල් වාරය අද ඇරඹේ.

(UTV| කොළඹ) – පසුගිය අප්‍රේල් 21 දින පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ දෙවන පාසල්වාරය දරුවන්ගේ ආරක්ෂාව සඳහා වසා දැමු පාසල් අද (06 ) ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළේය.

පාසල් ආරම්භ කිරීමට පෙර පාසල් පරිශ්‍ර සියල්ල පරික්ෂා කිරීමට පියවර රැසක් අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ආරක්ෂක අංශ විසින් ක්‍රියාත්මක කිරීම ආරම්භ කල ද මේ සඳහා පොලීසිය,ත්‍රිවිධ හමුදාව,පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ ද පුර්ණ සහය හිමිවේ.

ඒ අනුව කොළඹ ඇතුළු සියලු පාසල්වල ආරක්ෂාව සොයා බැලූ අතර අද (06) කොළඹ අතුළු දිවයිනේ රජයේ මෙන් ම පෞද්ගලික පාසල් ආරම්භ කිරීමට සිදු වෙයි.

මිට අමතරව පාසල් ආරම්භ කිරීමෙන් පසු විශේෂ ආරක්ෂක පියවරක් ලෙස පාසල් පරිශ්‍ර අවට කිසිදු රථ වාහනයක් නවතා නොතබන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ජනතාවගෙන් ඉල්ලීමක්
කළේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැයි 08 ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය යලි ආරම්භ කරයි.

Mohamed Dilsad

උතුරු පළාත් සභාවේ අයවැය ඒකමතිකව සම්මතයි

Mohamed Dilsad

ඉන්දියානු නාවික හමුදාධිපති මෙරට නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක [VIDEO]

Mohamed Dilsad

Leave a Comment