ප්‍රමුඛ පුවත 1

ඖෂධ මිලදී ගත්පසු බිල්පත් නිකුත් කිරීම අනිවාර්ය වේ.

(UTV| කොළඹ) – මෙරට මහජනතාව ඖෂධ මිල දී ගත් පසු සියලුම ෆාමසි වලින් බිල් පතක් නිකුත් කිරීම අනිවාර්ය බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

පාරිභෝගික පිළිබද අධිකාරි පනතේ ඊට අදාල නීති රීති ගැසට් කර ඇති අතර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව පනතටද ඊට අදාල නීති රීති ඇතුලත් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියි.

දිවයින පුරා ඇතැම් ෆාමසි වල බිල් පතක් නිකුත් නොකරන බව පවසා ජනතාව සෞඛ්‍ය අමාත්‍යවරයාට පැමිණිලි කිරීමෙන්  ඒ පිළිබදව අවධානය යොමුකල අමාත්‍යවරයා දිවයිනපුරා සියළුම ෆාමසි පරික්ෂාවට ලක්කර බිල්පත් නිකුත් කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියට උපදෙස් ලබාදී ඇත.

මිට අමතරව ෆාමසි පරීක්ෂා කිරීමේ දී ඖෂධ වල කල් ඉකුත්වීමේ දිනය, නිෂ්පාධිත දිනය හා මිළ සටහන් කර ඇත්දැයි සොයා බලන ලෙසද සෞඛ්‍ය ආමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය දින නියමකින් තොරව වසා දැමේ

Mohamed Dilsad

නවක වෛද්‍යවරුන් 1080 කට පත්වීම්.

Mohamed Dilsad

ඇතැම් ප්‍රදේශ වලට තද සුළං

Mohamed Dilsad

Leave a Comment