ප්‍රමුඛ පුවත 1

ප්‍රහාර වලින් මිය ගිය චීන ජාතික විද්‍යාඥයින්ගේ සිරුරු චීනයට

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාරයෙන්  ජීවිතක්ෂයට පත් වූ චීන ජාතික විද්‍යාඥයින් 04 දෙනෙකුගේ දේහයන් චීන රජය වෙත භාර දීමට පියවර ගෙන තිබේ.

චීනයේ ෂින්හුවා පුවත් සේවය වාර්තා කලේ  චීන ජාතික විද්‍යාඥයින් සිව් දෙනෙකු මිය ගොස්  චීන ජාතික විද්‍යාඥයින් 05 දෙනෙකු බෝම්බ ප්‍රහාරවලින් තුවාල ලබා ඇති බවයි.

ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සදහා මේ වන විට චීනයටගෙන්වා ගැනිමට කටයුතු කර ඇති බව චීන තනාපති කාර්යාලය නිවේදනය කරයි.

මෙම චීන ජාතික විද්‍යාඥයින් පිරිස එරට අප්‍රේල් මාසයේදි මෙරටට පැමිණ තිබුණේ පර්යේෂණයක් සිදු කිරීම සඳහාය.

කෙසේ වෙතත් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විදේශකයින් 42 දෙදෙනෙකු ජිවිතක්ෂයට පත් ව ඇති බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය කරයි.

ඉන් 25 දෙනෙකු ගේ මෘත දේහ ඔවුන්ගේ රටවල් වෙත යවා ඇති බවද විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

මේ අතර, මෙරට රැඳී සිටින සෞදි අරාබි ජාතිකයින්ට වහා සිය රටට පැමිණෙන ලෙස එරට රජය උපදෙස් ලබාදී ඇති බව සෞදි මාධ්‍ය වාර්තා කරයි.

ඒ ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම් ශ්‍රී ලංකාව තුළ යළිත් වරක් ප්‍රහාර එල්ල කිරීමක් පිළිබඳව මෙරට ඇමරිකානු තානාපතිවරිය විසින් රොයිටර් පුවත් සේවයට සිදුකළ ප්‍රකාශයක් පදනම් කරගෙනය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇවන්ගාඩ් සිද්ධියේ නියෝගය ලබන මස ප්‍රකාශයට [VIDEO]

Mohamed Dilsad

ජනපති ගෝඨාභය අද ඉන්දීය අගමැති , ජනපති හමුවෙයි

Mohamed Dilsad

කුවේට්හි සේවයට ගොස් හිංසනයට ලක්වූ මෙරට ගෘහ සේවිකාවන් පිරිසක් යළි දිවයිනට

Mohamed Dilsad

Leave a Comment