ප්‍රමුඛ පුවත 1

දෙවන පාසල් වාරය අවසන් කිරීමට පෙර විභාග ප්‍රතිඵල නිකුත් කරන්නැයි ඉල්ලීමක්

(UTV| කොළඹ) –   මෙවර පාසල් වාර විභාග පැවැත්වීමෙන් පසු  දෙවන පාසල් වාරය අවසන් කිරීමට පෙර එම ප්‍රතිඵල නිකුත් කරන ලෙස අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා ඉල්ලීමක් කරයි.

සියලුම විදුහල්පතිවරුන්ට පළාත් අධ්‍යාපන ලේකම්වරුන් හරහා අදාළ අංශ වෙත මෙලෙස උපදෙස් ලබාදී ඇත ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

විභාග අවසන් වීමෙන් අනතුරුව අදාළ ප්‍රතිඵල ලබාදීම පාසල් නිවාඩුවෙන් පසු සිදු කිරීම සහ ප්‍රමාද කිරීම හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල සාධනීය තත්ත්වයන් සහ ප්‍රගතිය මැන ගැනීමට දෙමාපියන්ට සහ දරුවන්ට නොහැකි තත්ත්වයක් ඇතැම් පාසල්වල මතුවන බවට ලද පැමිණිලි සැලකිල්ලට ගනිමින් අධ්‍යාපන ලේකම්වරයා විසින් විදුහල්පතිවරුන්ට මෙලෙස උපදෙස් ලබා දී ඇති බවද පැවසේ.

මේ අනුව දරුවන්ගේ ප්‍රගති වාර්තා මෙන්ම ශිෂ්‍ය සාධන වාර්තා ආදිය සෑම පාසලකම අදාළ පාසල් වාරය අවසන් කෙරෙන දිනය වනවිට දෙමාපියන් අතට පත් කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇති බවද පැවසේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාසල්වල අවිධිමත් ආකාරයට මුදල් එකතු කිරීම අවලංගුයි.

Mohamed Dilsad

ජනාධිපතිට සහ අගමැතිට රිෂාර්ඩ්ගෙන් ආයාචනාවක්

Mohamed Dilsad

පෑලියගොඩින් ගත් සම්පල වලින් රෝගීන් වර්තා නොවේ

Mohamed Dilsad

Leave a Comment