ප්‍රමුඛ පුවත 1

වවුනියාවේ දැඩි සුළං හේතුවෙන් නිවාස 30 කට හානි

(UTV| කොළඹ) – වවුනියාව දිස්ත්‍රික්කයේ ඊයේ (28) සවස වර්ෂාව සමඟ හට ගත් දැඩි සුළං තත්වයක් හේතුවෙන් නිවාස 30 ක නිවාස හානි සිදුව ඇති බව වවුනියාව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

වවුනියාව ඕමන්ත පණික්කන්කුලම ප්‍රදේශයේ නිවාස 20 ක් හා වවුනියාවේ තවත් ප්‍රදේශයන් වල නිවාස 10 ක් හානියට පත්ව ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසා සිටියි

තවද වවුනියාව,ඕමන්ත,ඊරට්ටපෙරියකුලම,පුලියන්කුලම හා පෙරියඋළුක්කුලම ආදි ප්‍රදේශ වෙත සුළඟත් සමඟ වර්ෂාව ඇතිවූ අතර ආපදාවට පත් වූවන්ට වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සහන ලබා දෙන ලදී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තවත් අමාත්‍යවරු දෙදෙනෙක් දිවුරුම් දෙති

Mohamed Dilsad

බේකරි නිශ්පාදන මිල සංශෝධනය පිලිබඳ තීරණය අදයි

Mohamed Dilsad

මෙරටින් සොයාගත් කොරෝනා ආසාදිතයන් තවත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

Leave a Comment