ප්‍රමුඛ පුවත 1

‘ෆොනී’ සුළි කුණාටුව තවදුරටත් දරුණු වේ.

(UTV| කොළඹ) – ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පවතින සුළි කුණාටුව (‘ෆොනී’) 28 වන දින රාත්‍රී 11.30 වන විට මඩකලපුව සිට නැගෙනහිර දෙසින් කි.මී 580 පමණ දුරින් උතුරු අක්ෂාංශ 8.4 ත් නැගෙනහිර දේශාංශ 86.9 ත් ආසන්නව ස්ථානගතව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම පද්ධතිය ඉදිරි පැය 12 තුලදී චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඊළඟ පැය 24 තුල ඉතා චණ්ඩ සුළි කුණාටුවක් වේ යැයි අනුමාන කෙරෙන අතර මෙම පද්ධතිය මැයි මස 01 වන දින දක්වා නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වයඹ දෙසට ගමන් කර ඉන්පසුව ක්‍රමයෙන් නැවත හැරී ඊසාන දෙසට ගමන් කරනු ඇතැයි එම දෙපාර්තමේන්තුව අනුමාන කරයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තද සුළං සහ තද වැසි තත්වය අද (29) සහ හෙට (30) දිනයන් වලදී පැවතිනු ඇති බව බලාපොරොත්තු වේ.

අද (28) දිනයේදී දිවයින හරහා විශේෂයෙන් උතුරු, උතුරුමැද, වයඹ සහදකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ. කි. මි.60 දක්වා තද සුළං බලාපොරොත්තු වන බව එම දෙපාර්තමේන්තුව කියා සිටියි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ සබරගමුව, මධ්‍යමදකුණු, බස්නාහිර සහ වයඹ පළාත්වල සහ මන්නාරම දිස්ත්‍රික්කයේ සමහර ස්ථානවලට මි.මී.150 ට වැඩි ඉතා තද වර්ෂාපතනයන්ද සෙසු පළාත්වල මි.මී. 100 ක පමණ තද වර්ෂාපතනයන් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුර පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිවයිනේ වැසි සහ සුළං තත්ත්වය අදත්

Mohamed Dilsad

දකුණු ආසියාවේ හොඳම ශල්‍ය වෛද්‍ය කණ්ඩායමට හිමි සම්මානය ශී‍්‍ර ලංකාවට…

Mohamed Dilsad

අරුමුගම් තොණ්ඩමන් දැරූ ඇමති ධූරය අගමැතිට [RELEASE]

Mohamed Dilsad

Leave a Comment