ප්‍රමුඛ පුවත 1

ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වෙන්නැයි උපදෙස්

(UTV| කොළඹ) – සමකය ආසන්න නිරිතදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් අඩු පීඩන කලාපයක් අප්‍රේල් මස 25 දින පමණ සිට වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 

ඒ අනුව ජනතාව සහ විශේෂයෙන් ධීවර හා නාවුක ප්‍රජාව මෙම කාලගුණ තත්ත්වය පිළිබඳව අවධානයෙන් පසුවිය යුතුය.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.සබරගමුව, මධ්‍යම,දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වර්ෂාපතනයන් ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය  හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ අංශ දැනුම් දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අගමැති යළි දිවයිනට

Mohamed Dilsad

සයිටම් නඩුවට දින නියම වෙයි

Mohamed Dilsad

සයිටම් ගැන තීරණාත්මක සාකච්ඡාවක් ලඟදීම

Mohamed Dilsad

Leave a Comment