ප්‍රමුඛ පුවත 1

පිපිරීම් ගැන සොයන්න ජනපති විශේෂ ත්‍රිපුද්ගල පරික්ෂණ මණ්ඩලයක් පත් කරයි

(UTV| කොළඹ) – ඊයේ දින (21) දිවයිනේ ස්ථාන කිහිපයක දී සිදු වූ පිපිරීම් සිද්ධි මාලාව පිළිබඳ සොයා බැලීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විශේෂ ත්‍රිපුද්ගල පරික්ෂණ මණ්ඩලයක් පත් කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ, හිටපු අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න සහ හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් යන මහත්වරුන්ගෙන් මෙම විශේෂ ත්‍රිපුද්ගල පරික්ෂණ මණ්ඩලය සමන්විතය.

අහිංසක ජීවිත විශාල ගණනක් විනාශ කරමින් සිදු වූ මෙම බරපතළ ජාතික ඛේදවාචකයට මුල් වූ කරුණු සහ එහි පසුබිම මෙන්ම අදාළ සිදුවීම සම්බන්ධයෙන් වූ වෙනත් සාධක පිළිබඳව කරුණු සොයා බලා සති දෙකක් ඇතුළත වාර්තා කිරීමට මෙම විශේෂ ත්‍රිපුද්ගල පරික්ෂණ මණ්ඩලයට ජනාධිපතිතුමා උපදෙස් දී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාතාල නායක මධුෂ් ඇතුළු පිරිසගේ රුධිර සාම්පල පරීක්ෂාවක්.

Mohamed Dilsad

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජපානය බලා පිටත් වෙයි

Mohamed Dilsad

හයවන දිනටත් දුම්රිය වර්ජනය අඛණ්ඩව

Mohamed Dilsad

Leave a Comment