ප්‍රමුඛ පුවත 1

කළුතර අධිකරණය හා ඒ අවට ප්‍රදේශවල ආරක්ෂාව තර කරයි

(උදයම්,කළුතර) – බන්ධනාගාර බස් රථයකට ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන ‘අංගොඩ ලොක්කා’ නමැති පාතාල අපරාධකරු ඇතුළු පිරිසක් කළුතර අධිකරණයට භාරවීමට නියමිත බවට තොරතුරක් පැතිර ගොස් තිබේ.

මේ නිසාම ‍පොලීසිය කළුතර අධිකරණය හා ඒ අවට ප්‍රදේශවල ආරක්ෂාව දැඩිකර තිබුණි.

සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන් වැඩි වශයෙන් යොදවා තිබුණු බව ‍වාර්තාවේ.

අංගොඩ ලොක්කා ඇතුළු පිරිස අත්අඩංගුව ගැනීමට ‍පොලිස් කණ්ඩායම් 05ක් යොදවා ඇති බව පොලිස් ආරංචිමාර්ග පවසයි.

මතෛක් එම ප්‍රහාරයට සම්බන්ධ වූ කිසිවකුත් අත්අඩංගුවට ගැනීමට ‍පොලීසියට හැකියාවක් ලැබි නොමැත.

පසුදියදා බන්ධනාගාර බස් රථයකට ප්‍රහාරයක් එල්ල කර සමයං නමැති පාතාල නායකයාත් ඔහුගේ ගෝලයන් සිව්දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකුත් වෙඩි තබා ඝාතනය කෙරුණි.

Related posts

අමාත්‍යංශවලට අයත් විෂයන් ගැසට් කරයි [VIDEO]

Mohamed Dilsad

පළාත් කීපයකට පස්වරුවේ වැසි…

Mohamed Dilsad

කොළඹ රථ වාහන ධාවනයට බාධා

Mohamed Dilsad

Leave a Comment