Trending News

විරෝධතා පාගමන අතරතුර සිසුන් 4 දෙනෙක් අත්අඩංගුවට

(උදයම්,කොළඹ)   – අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බළ මණ්ඩලය සංවිධානය කළ  විරෝධතා පාගමන අතරතුර සිසුන් 4 දෙනෙකු ඊයේ අත්අඩංගුවටගත් බව පොලිසිය පවසයි.

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ඊයේ මෙම විරෝධතා පා ගමන පැවැත්වුණි.

කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් ඊයේ දහවල් මෙම පා ගමන ආරම්භ කෙරුණි.

පා ගමන නැවත්වීමට ලෝටස් වටරවුම අසළ පොලීසිය මාර්ග බාධක යොදා තිබූ අතර ඒවා ඉවත් කර ඉදිරියට යාමට සරසවි සිසුන් උත්සාහ කිරීමත් සමඟ පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට කටයුතු කළේය.මෙහිදී සිසුන් තිදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

උද්ඝෝෂණයේ නිරත වූ ශිෂ්‍යයින්ට එම විරෝධතාවය වළක්වමින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විසින්  අධිකරණ නියෝගයක් ද නිකුත් කර තිබුණි.

එම අධිකරණ නියෝගය කොටුව පොලිසිය විසින් එම ශිෂ්‍යයින්ට ගෙනවිත් භාරදුන් අතර ඔවුන් එම ලියවිල්ල ඉරා දමමින් සිය විරෝධතාව ඉදිරියට රැගෙන ඒමත් සමග පොලිසිය කදුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කිරීමට පියවර ගෙන ඇත.

Related posts

A fire broke out at Bloomendal garbage mountain

Mohamed Dilsad

Singer MG Dhanushka ordered to pay Rs 300,000

Mohamed Dilsad

பிரபல திரைப்பட இயக்குநர் மகேந்திரன் காலமானார்

Mohamed Dilsad

Leave a Comment