විදෙස්

කළු කුහරයේ පළමු සැබෑ ඡායාරූපය නිකුත් වෙයි

(UTV| යුරෝපය) – අභ්‍යවකාශයේ එක් අභිරහසක්ව පැවති කළු කුහරයේ පළමු සැබෑ ඡායාරූපය ඊයේ සන්ධ්‍යාවේදී ලෝකවාසීන්ට නිකුත් කරන බව යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ විද්‍යාඥයන් පිරිසක් සදහන් කළේය.

මෙම කළු කුහරය පිළිබද ගවේෂණය සඳහා ඒ වෙත යවා ඇති Event Horizon Telescope නම් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් මෙම ඡායාරූප ලබාගෙන තිබෙන අතර ඒ අනුව මෙය කිසි ලෙසකින්වත් සිතුවමක් හෝ පරිගණක ආශ්‍රිත සිතුවමක් නොවන බවද ඔවුන් අවධාරණය කරයි.

ඊයේ(10) සන්ධ්‍යාවේදී මෙරට වේලාවෙන් පස්වරු 06.30 ට පමණ ලොව ස්ථාන හයකදී පවත්වන මාධ්‍ය හමු හරහා ඔවුහු මේ පිළිබඳ තොරතුරු ලොවට අනාවරණය කිරීමට සූදානමින් සිටිති.

දැනට පවතින අදහසට අනුව අභ්‍යවකාශයේ පවතින රික්තක ශෝධක කලාපයක් ලෙස මෙම කළු කුහර හැඳින්වෙයි.

මෙහිදී ඕනෑම ආලෝකයක සිට විශාල ප්‍රමාණයක ග්‍රහවස්තුවක් දක්වා ගිල ගැනීමේ හැකියාවක් මෙම කළු කුහර සතුව පවතින බව පොදු අදහසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රට යළි විවෘත කිරීම ගැන පාකිස්තාන අගමැතිගෙන් පැහැදිලි කිරීමක්

Mohamed Dilsad

කොරියාව රදවා සිටි මලයාසියානුවන් යළි සිය රටට

Mohamed Dilsad

ඇමෙරිකාවට,කැනඩාවට අධික හිම පතනයක්

Mohamed Dilsad

Leave a Comment