ප්‍රමුඛ පුවත 1

උත්සව සමයේ මහ මග ආරක්ෂාවට පොලිසියෙන් 8000ක් දිවයින පුරා

(UTV| කොළඹ) – සිංහල ,දෙමළ අලුත් අවුරුද්දු උත්සව සමයත් සමඟ සිදුවන මාර්ග අනතුරු වළක්වා ගැනීම සඳහා රථ වාහන පොලිස් නිලධාරීන් 8000ක් පමණ දිවයින පුරා යොදවා ඉදිරි දින කිහිපයේදී එම නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් මෙහෙයුම් සිදුකිරීමට තීරණය කර තිබෙන බව පොලිසිය පවසයි.

එම මෙහෙයුම් අතරතුර බීමත් රියදුරන් පරීක්ෂා කිරීම සඳහා ශ්වසන වායු උපකරණ 25,000ක් පමණ මෙරටට ගෙන්වා
ගෙන ඇති අතර එම උපකරණ සියළු පොලිස් ස්ථාන වෙත බෙදා හැරීමට කටයුතු කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

ඊට අමතරව , පසුගිය වසරේ අවුරුදු සමය තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 135 දෙනෙකු මිය ගොස් ඇති බැවින්, තවත් 750 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

එමෙන්ම උත්සව සමයත් සමඟ ගිනිකෙළි අනතුරු සිදුවිය හැකි බැවින් ඒ පිළිබදව අවධානය යොමු කරන ලෙසට සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ගොනු කිරීම ලබන 30 වනදා අවසන්

Mohamed Dilsad

වෙසක් උත්සවය දින දෙකකට සීමා කිරීමට රජය තීරණය කරයි.

Mohamed Dilsad

නාමල් කුමාර අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment