ක්‍රීඩා

කට්ටිය හැමෝගෙම වැරදි තමයි හැම දේටම මුල – මාලිංග

(UTV|COLOMBO) – දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟින් පැවැති විස්සයි-20 තරගාවලියේදී ශ්‍රී  ලංකාව සෑම අංශයකින්ම අසාර්ථක වූ බව දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ පවසයි.

සංචාරක ශ්‍රී  ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර තුන්වැනි විස්සයි-20 ක්‍රිකට් තරගයෙන් ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව ශ්‍රී  ලංකාව ලකුණු 45කින් පරාජයට පත් වීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුව අමතමින් මේ බව පැවැසූ වැන්ඩර්සේ “මෙම තරගාවලියේදී ශ්‍රී  ලංකා කණ්ඩායම සෑම අංශයකින්ම අසාර්ථක වුණා. තුන්වැනි තරගයේදී යම්කිසි විශාල ලකුණු පරතරයකින් පරාජයට පත් වුණත් අපට එම තරගය ජය ගැනීමේ හැකියාව තිබුණා. පළමු තරග දෙකේදීත් අප ජයග්‍රහණයට ඉතා ආසන්න වුණා. කෙසේ වෙතත් තරගාවලිය පරාජයට පත් වීම සම්බන්ධයෙන් කනගාටු වෙනවා” යනුවෙන් ප්‍රකාශ කර ඇත.

තවද අප්‍රේල් මස 4 වැනිදා ආරම්භ වීමට නියමිත සුපිරි පළාත් දේශීය ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් දැක්වූ වැන්ඩර්සේ “එළැඹෙන පළාත් ක්‍රිකට් තරගාවලියේදී හොඳින් ක්‍රීඩා කිරීමට කණ්ඩායමේ සියලු දෙනා සූදානමකින් සිටිනවා. එහිදී හොඳින් දක්ෂතා දැක්වුවහොත් ලෝක කුසලාන සංචිතය සඳහා එක්වීමට තවමත් ඕනෑම ක්‍රීඩකයකුට අවස්ථාව පවතින බව මම සිතනවා. කෙසේ වෙතත් පසුගිය කාලයේදී මුහුණදීමට සිදුවූ පරාජයන් සහ වැරදි මතින් පාඩම් ඉගෙනගෙන  කණ්ඩායමක් වශයෙන් අප සතු ධනාත්මක කරුණු එක්රැස් කරගෙන නැවතත් හොඳින් ක්‍රීඩා කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරගත යුතු බව මගේ හැඟීමයි” යනුවෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා ඇත.

මේ අතර තුන්වැනි විස්සයි-20 තරගයෙන් අනතුරුව පැවැති ජය සංකේත ප්‍රදානයේදී අදහස් දක්වමින් ශ්‍රී  ලංකා නායක ලසිත් මාලිංග ප්‍රකාශ කර සිටියේ කෙටි ආකෘතියේ තරගවලදී දකුණු අප්‍රිකානු කණ්ඩායම ඔවුන්ගේ රටේදී පරාජයට පත් කිරීම ඉතාමත් අසීරු කරුණක් බවයි. තවද එක්දින තරගාවලියේදී සහ විස්සයි-20 තරගාවලියේදී මුල් පෙළ පිතිකරුවන්ගෙන් කණ්ඩායමට ලැබිය යුතු සහාය නොලැබුණු බවත් දකුණු අප්‍රිකානු පිතිකරුවන්ට පීඩනයක් ලබා දෙමින් කඩුලු ලබා ගැනීමේ හැකියාව ශ්‍රී  ලංකා පන්දු යවන්නන් තුළින් දැකගත නොහැකි වූ බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රී  ලංකා නායකයා පැවැසීය.

Related posts

LPL පළමු තරඟයේ ජය Colombo Kings කණ්ඩායමට

Mohamed Dilsad

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා පකිස්ථාන සංචිතය ප්‍රකාශයට

Mohamed Dilsad

දිමුත්ගෙන් තවත් අර්ධ ශතකයක්

Mohamed Dilsad

Leave a Comment