ප්‍රමුඛ පුවත 1

දිවයින පුරා ප්‍රධාන රෝහල් 10 ක ආඝාත ඒකක…..

(UTV| කොළඹ) – දිවයින පුරා ප්‍රධාන රෝහල් 10 ක ආඝාත ඒකක ඉදිකෙරෙන කටයුතු කඩිනම් කරන්නැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත .

ශ්‍රී ලංකා ආඝාත රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ සෞඛ්‍ය අමාත්‍යවරයා අතර තිබු සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය

මෙලෙස ඉදි වෙන කරාපිටිය ශික්ෂණ රෝහලේ ආඝාත ඒකකය සදහා මිලියන 689 ක් වැය කර තිබේ.

තවද රුපියල් මිලියන 348 ක් පොළොන්නරුව මහ රෝහලේ ආඝාත ඒකකය සදහා වැය කර ඇති අතර යාපනය ශික්ෂණ රෝහලේ ආඝාත ඒකකය සදහා 633 ක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වැය කරයි.

එමෙන්ම රුපියල් මිලියන 230 ක් වැය කරමින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ද , රුපියල් මිලියන 213 ක් වැය කරමින් අම්පාර මහ රෝහලේ ද ආඝාත ඒකක ඉදි කරනු ඇත.

රත්නපුර , අනුරාධපුරය , මහනුවර සහ මුල්ලේරියාව යන රෝහල්වල ආඝාත ඒකක ඉදිකරන අතර ඒ සදහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ද මේ වන විට වෙන් කර තිබෙන බව අනාවරණය ව.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මාලිගාවත්තේ මාර්ග කිහිපයක රථවාහන ධාවනය සීමා කෙරේ

Mohamed Dilsad

වර්ෂාව වැඩිවෙයි – කාළගුණයෙන් විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

අද සිට රාජගිරියේ නව බස් රථ ධාවන සැලැස්මක්…

Mohamed Dilsad

Leave a Comment