ප්‍රමුඛ පුවත 1

සතියක් ඇතුළතදී කෘතිම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතියක්

(UTV| කොළඹ) – පවතින වියළි කාලගුණය හේතුවෙන් සතියක් ඇතුළත දී මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප්‍රදේශවල ජලාශ අවට කෘතීම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතියක් ලංකා විදුලි බල මණ්ඩලය මගින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ලක්ෂපාන ජල විදුලි බලාගාර සංකිර්ණයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සී.ජී.එස්. ගුණසේකර මහතා පවසයි.

කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවල දැනට තිබෙන ජල ධාරිතාවෙන් ලක්ෂපාන, නව ලක්ෂපාන, කැනියොන්, විමලසුරේන්ද්‍ර සහ පොල්පිටිය යන ජල විදුලි බලාගාරවල උපරිම ධාරිතවකින් විදුලි උත්පාදනය සිදු කෙරෙන බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කරයි.

වික්ටෝරියා සහ කොත්මලේ ජලාශවලද ජල මට්ටම පහල බැස ඇති නිසා තායිලන්තයේ ඉංජිනේරුවන් පිරිසක් පසුගිය දිනක මෙරටට පැමිණ කෘතීම වැසි ඇති කිරීම සම්බන්ධයෙන් අධ්‍යනයක් සිදු කල බවත් වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජ.වි.පෙ සීනුව ලකුණ අතහරි ?[VIDEO]

Mohamed Dilsad

අර්බුද මැද පාර්ලිමේන්තුව අදත් පස්වරු 1ට රැස්වේ

Mohamed Dilsad

හම්බන්තොට ඉඩම් ගැටළු විසඳීමට විශේෂ සාකච්ඡවක්

Mohamed Dilsad

Leave a Comment