ප්‍රමුඛ පුවත 1

සිසු සැරියට තවත් බස් රථ 100ක්

(UTV| කොළඹ) –  ‘සිසු සැරිය’ සේවාව සඳහා බස් රථ 100 මේ වසරේ ධාවනයට එක් කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති ජනක මල්ලිකාරච්චි මහතා පැවසුවේ පාසල් සිසුන්ගේ ගමනා ගමන පහසුව අරමුණු කර ගනිමින් මෙම පියවර ගන්නා බවයි.

පාසල් ළමුන්ගේ ප්‍රමාණය  වැඩිවීමත් සමඟ දැනට ක්‍රියාත්මක වන බස්රථ 1,400 ප්‍රමාණවත් නොවේ.

මේ හේතුවෙන් හොඳ සේවාවක් ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබේ.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ උපදෙස් මත 2019 වසරේ ‘සිසු සැරිය, ‘නිසිසැරිය’, ගැමිසැරිය’ බස් රථ සේවාව දියුණු කිරීම සඳහා මහාභාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 700ක් ඉල්ලා තිබේ.

එම මුදල් ලැබුණු විගස අදාළ සේවාව ප්‍රමාදයකින් තොරව සිදුකරන බව ජනත මල්ලිකාරච්චි මහතා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති බහුතරය පෙන්වන්න අවස්ථාවක් දෙයි(නිවේදනය)

Mohamed Dilsad

දෙමළ ජනතාවගේ ප්‍රශ්න කිසිවෙකුත් කතා නොකරයි – සිරිතුංග [VIDEO]

Mohamed Dilsad

ජාතික ඉෆ්තාර් උත්සවය ජනාධිපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment