ප්‍රමුඛ පුවත 1

රටවල් කීපයකට නව තානාපතිවරුන් පත් කෙරේ.

(UTV| කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රි ලංකාව වෙනුවෙන් රටවල් 13 කට නව තානාපතිවරුන් පත් කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව තුර්කිය, ඕමානය, බහරේන්, එක්සත් අරාබි එමිර් රාජ්‍ය, ඊශ්‍රායලය, පිලිපීනය, තායිලන්තය, ඉන්දුනීසියාව, නෙදර්ලන්තය, සිංගප්පුරුව, ඔස්ට්‍රියාව, වොෂින්ටන් සහ අමෙරිකාවේ නිව්යෝක්හි පිහිටි එක්සත් ජාතීන්ගේ ශ්‍රි ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය ඇතුළු  රටවල් සඳහා නව තානාපතිවරුන් පත් කර තිබේ.

මෙම පත් කරන ලද තානාපතිවරුන්ගෙන් වැඩි පිරිසක් ශ්‍රි ලංකා විදේශ සේවයේ කරන නිලධාරීන් බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

නව තානාපතිවරුන් පත් කිරීමට අදාළ අනුමැතිය ලබා ගැනීම සඳහා නියමිත නාම ලේඛනය මේ වන විට පාර්ලිමේන්තු උසස් නිළතල පිළිබඳ කාරක සභාවට යොමුකර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඥානසාර හිමියන් පිළිබඳ අභියාචනාධිකරණ තීන්දුව අගෝස්තු 08

Mohamed Dilsad

ත්‍රස්ත ප්‍රහාරයේ මහජන පැමිණි බාර ගන්න පංච පුද්ගල කමිටුවක්

Mohamed Dilsad

ග්‍රාම නිලධාරීන් සහ වනජීවී මාර්ගෝපදේශකයන් අද වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

Mohamed Dilsad

Leave a Comment