ප්‍රමුඛ පුවත 1

අනතුරට ලක්වූ බොරැල්ල රථවාහන අංශයේ ස්ථානාධිපති අභාවප්‍රාප්ත වෙයි.

(UTV| කොළඹ) – බම්බලපිටියේදී ඩිෆෙන්ඩර් රථයක ගැටීමෙන් සිදු වූ අනතුරින් පසු අසාධ්‍ය තත්ත්වයෙන් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වෙයි.

සති දෙකක් පුරා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු ඊයේ රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබේ.

පසුගිය පෙබරවාරි 24 වන දා රාජකාරී කටයුත්තක් සඳහා යතුරු පැදියකින් යමින් සිටියදී අලුයම 4.30 ට පමණ බම්බලපිටිය ඩුප්ලි බුලස් හන්දියේදී ඩිෆෙන්ඩර් රථයක් ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කර පළා ගොස් තිබුණි.

ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කර පළා ගිය ඩිෆෙන්ඩර් රථය පසුව බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ නිවසක තිබියදී සොයා ගැණුනු අතර අනතුර සම්බන්ධයෙන් සැකකරුවන් 8 දෙනෙකු ද අත්අඩංගුවට පත් විය.

ඒ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පුත්‍රයා, කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරයෙක් සහ පොලිස් අධිකාරිවරයෙකුගේ පුත්‍රයෙකු ද වූ අතර සැකකරුවන් 8 දෙනෙකුගෙන් 7 දෙනෙකුම පසුගිය පෙබරවාරි 26 වන දා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරුණි.

ඩිෆෙන්ඩර් රථය පැද වූ උදේශ් රත්නායක නමැත්තා හෙට(11) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

දරුවන් තිදෙනෙකු පියෙකු වූ සරත්චන්ද්‍ර මහතා මියයන විට 51 වැනි වියේ පසු විය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපතිවරණයේ දී සුළු ජාතීන්ගේ ඡන්ද 90% ක් සජිත්ට – ඇමති රිෂාඩ්

Mohamed Dilsad

නංවමු ලංකා ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන ඇමති රිෂාඩ්දේ ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

ඊළඟ මාස පහ තුළ රටේ සංවර්ධනයට කෝටි 8000ක් -මුදල් ඇමති කියයි

Mohamed Dilsad

Leave a Comment