ප්‍රමුඛ පුවත 1

ජාතික රණවිරු අනුස්මරණ උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

(UTV| කොළඹ) – ජාතික රණවිරු අනුස්මරණ දින සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

ඒ අද පස්වරු 4ට පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදීය.

මේ අතර, ජාතික රණවිරු අනුස්මරණ උත්සවය පැවැත්වෙන පාර්ලිමේන්තු වටරවුම ආශ්‍රිත ප්‍රදේශවල විශේෂ රථ වාහන සැලස්මක් ද ක්‍රියාවට නංවා තිබේ.

අද පස්වරු 2 සිට රාත්‍රී 7 දක්වා පොල්දූව මංසන්ධියේ සිට පාර්ලිමේන්තු මාර්ගයේ කියැංනෑම් මංසන්ධිය දක්වා මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

කොළඹ සිට පොල්දූව මංසන්ධිය හරහා කියැංනෑම් හන්දිය දක්වා ගමන් කරන සියලුම වාහන පොල්දූව මංසන්ධියෙන්, බත්තරමුල්ල මංසන්ධියට ගොස් බත්තරමුල්ල මං සන්ධියෙන් දකුණට හැරී පන්නිපිටිය මාර්ගය ඔස්සේ පාලම් තුන මංසන්ධියට පැමිණ දකුණට හැරී කියැංනෑම් මංසන්ධිය වෙත ළඟා විය හැකි බව පොලීසිය ඇනුම් දෙයි.

මීට අමතරව ජපන් මිත්‍රත්ව පාර මං සන්ධිය, පාලම් තුන මං සන්ධිය, පැලවත්ත මං සන්ධිය, බත්තරමුල්ල මං සන්ධිය සහ කිඹුලාවල මංසන්ධිය සාමාන්‍ය පරිදි ගමනාගමනයට විවෘතව ඇති බව ද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

එමෙන්ම, ඊට සමගාමීව දිවි පිදූ රණවිරුවන් සිහිපත් කරමින් ශ්‍රී ලංකා යුද හමුදාව පවත්වන ආලෝක පූජාව කැලණිය රජමහා විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

ඊට නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහය ලබාදෙනු ඇත.

රට වෙනුවෙන් ජීවිතය පූජා කළ 28,619 ක් වූ රණවිරුවන් සමරා පහන් දැල්වීම මෙහිදී සිදුවන්නේද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙන්ම මියගිය රණවිරුවන්ගේ පවුල්වල ඥාතීන්ද ඊට එක්වන බව යුද හමුදා මූලස්ථානය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නායකත්වය පිළිබඳ රනිල් – සජිත් ගැටුම උග්‍ර වෙයි

Mohamed Dilsad

හෙරොයින් තොගයක් සාම්පුර් වෙරලෙන් සොයා ගනී

Mohamed Dilsad

ස්වර්ණාභරණ තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment