ප්‍රමුඛ පුවත 1

ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවයට ජනපති එක්වෙයි

(UTV|අනුරාධපුරය) – ”සුහුරු කතක් – සොදුරු ලොවක්” තේමාව යටතේ අනුරාධපුර සල්ගාදු ක්‍රිඩාංගණයේ දී අද (08) සංවිධානය කර තිබූ ජාත්‍යන්තර කාන්තා දින  සැමරුම් උත්සවයයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති ගරු  මෛත්‍රීපාල  සිරිසේන මැතිතුමා එක් විය.

එහිදී 2019 ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් කාන්තා කටයුතු අමාත්‍යාංශය සම්පාදනය කළ ප්‍රකාශනය ද මෙහි දී ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

ජාතික වශයෙන් විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ කාන්තාවන් ජනාධිපතිතුමා අතින් ඇගැයීමට ලක් වූ අතර, අනුරාධපුර දිස්ත්‍රික්කයේ තෝරාගත් ව්‍යවසායක කාන්තාවන් කිහිප දෙනෙකුට ඇගැයීම් සම්මාන  හා සහතික පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර, ඇමතිනි තලතා අතුකෝරළ, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් දර්ශනී සේනානායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඇසළ පෙරහර ශීල්පීන්ට ජනාධිපතිතුමන්ගේ සුරතින් සම්මාන

Mohamed Dilsad

ලසන්තගේ දියණිය ගෝඨාභයට එරෙහිව ගොනුකළ පෙත්සම ප්‍රතික්ෂේප වෙයි

Mohamed Dilsad

ඔස්ට්‍රේලියාවේදී අගමැතිට ආචාර උපාදියක්

Mohamed Dilsad

Leave a Comment