ප්‍රමුඛ පුවත 1

ඇසළ පෙරහර ශීල්පීන්ට ජනාධිපතිතුමන්ගේ සුරතින් සම්මාන

(UTV| කොළඹ) – ඇසළ පෙරහරට සහභාගී වන ශිල්පීන්ගේ දක්ෂතා අගයමින් ඔවුන් වෙත ත්‍යාග මුදල් සහ සහතික පිරිනැමීමේ අවස්ථාව අගෝස්තු 26 වැනි දින අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මහනුවර ජනාධිපති මන්දිරයේදී පැවැත්වීමට නියමිතය.

26 වැනි දින පැවැත්වෙන දහවල් පෙරහරින් අනතුරුව පැවැත්වෙන මෙම උත්සවයේදී මෙවර ශිල්පීන් 162 ක් වෙනුවෙන් ලක්ෂ 40 කට ආසන්න මුදලක් ලබා දීමට කටයුතු යොදා තිබේ.

මේ යටතේ අති විශිෂ්ඨ ශිල්පීන් 07 දෙනෙක්, ජේෂ්ඨ ශිල්පීන් 10 ක් සහ විශිෂ්ඨ ශිල්පීන් 50 ක් ත්‍යාග සහ සහතික ලබා ගැනීමට නියමිතය. මීට අමතරව, කුසලතා පූර්ණ ශිල්පීන් 50 ක් සහ දළදා මාලිගා පෙරහරේ ගමන් කරන ශිල්පීන්ගෙන් පමණක් තෝරා ගන්නා ශිල්පීන් 25 දෙනෙක් සදහාද ත්‍යාග සහ සහතික පිරි නැමෙනු ඇත. මෙම ප්‍රධාන ශිල්පීන්ට අමතරව පෙරහරේ ගමන් ගන්නා හොදම කණ්ඩායම් 20 ක් තෝරා ගැනීමටද මෙවර කටයුතු යොදා තිබේ.

මෙම ත්‍යාග සහ සම්මාන පිරි නැමීම වෙනුවෙන් ජනාධීපති ලේකම් කාර්යාලය, ඇසළ පෙරහර භාරය, සහ ලේක්හවුස් ආයතනය මගින් මූල්‍ය දායකත්වයක් දක්වා ඇත.පසුගිය වසරට වඩා තවත් ලක්ෂ පහක මූල්‍ය ප්‍රතිපාදන මෙවර ත්‍යාග සදහා වෙන් කර
තිබීමද විශේෂත්වයකි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අග්‍රාමාත්‍යවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

එජාපය හා ඒකාබද්ධය සීමා නිර්ණයට විරුද්ධව ඡන්දය දෙයි

Mohamed Dilsad

එජාප ජනපති අපේක්‍ෂකට සහය පලකරන කුරුණෑගල රැළිය අදයි [video]

Mohamed Dilsad

Leave a Comment