Trending News

ජාත්‍යන්තර කාන්තා දිනයට ජනාධිපති හා අග්‍රාමාත්‍යවරයා සුබ පතයි.

(UTV| කොළඹ) – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදට (08) යෙදී තිබෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සමාජය විසින් පවරන ලද සම්ප්‍රදායික භූමිකා අභිභවා බො‍හෝ උස් ස්ථාන කරා කාන්තාවට ගමන් කළ හැකි බව නුතන ස්ත්‍රිය සිය භාවිතයෙන් සනාථ කර ඇති බවයි.

ඒ අතර සමාන ලෙස ආදායම් උත්පාදනය කර ගැනීමට මෙන්ම ඒ පිළිබඳ තීරණ ගැනීමට ද කාන්තාවන්ට හැකි විය යුතු බව ජනාධිපතිවරයා මෙහිදී අනාවරණය කළේය.

එසේම රාජ්‍ය සේවාවේ දේශපාලන තීන්දු ගන්නා ස්ථානවල මුල් අසුන් දැරීමට සහ එම තීරණ වෙනුවෙන් බලපෑම් කිරීමට ශ්‍රී ලාංකීය කාන්තාවන්ට අවස්ථාව තිබිය යුතු බව මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් පවසයි.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් අද(08)  කියා සිටියේ නව ලොව තාක්‍ෂණ, සන්නිවේදන, අධ්‍යාපන, විද්‍යා, සාහිත්‍ය කලා, සංස්කෘතික මේ සෑම ක්ෂේත්‍රයකම ස්ත්‍රියගේ දායකත්වය කැපී පෙනෙන බවයි

ඒ අතර බොහෝ බාධක සහ අභියෝග මැද, අප්‍රමාණ කැපකිරීම් සහ පරිත්‍යාගයන් සමඟ සාර්ථක ඉදිරි ගමනක් පැමිණීමට කාන්තාව සමත් වී ඇති අතර  ඇය මෙතෙක් ලැබූ ජයග්‍රහණයන් සමස්ත සමාජය ලද ජයග්‍රහණයක් බව රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

Colombo High Court Re-Issues Notice To President and Prime Minister

Mohamed Dilsad

නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ ට වෙච්ච දේ…..

Editor O

“ජාත්‍යන්තර අලි ඇතුන්ගේ  දිනය” අද

Editor O

Leave a Comment