ප්‍රමුඛ පුවත 1

ජාත්‍යන්තර කාන්තා දිනය අදයි

(UTV| කොළඹ) – ජාත්‍යන්තර කාන්තා දිනය මාර්තු 08 වන අද දිනට යෙදී තිබේ.

කාන්තා දිනය විශේෂ වන්නේ ලොව කාන්තාවන්ගේ අයිතීන් සුරැකෙන හා ඒ සම්බන්ධයෙන් විශේෂ කථිකාවක් සිදුවන දිනයක් ලෙසයි.

මෙවර කාන්තා දිනයේ තේමාව වී ඇත්තේ “සුහුරු කතක්- සොඳුරු ලොවක්” යන තේමාව යටතේයි.

මෙහි ජාතික සැමරුම් උත්සවය කාන්තාවන් 8000ගේ සහභාගීත්වයෙන් යුතුව සමගාමී වැඩසටහන් රාශියකගෙන් සමන්විතව  අනුරාධපුරයේ දී පැවැත් වෙයි.

1908 වසරේ මාර්තු 08 වන දින අමෙරිකා එක්සත් ජනපදයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවල සේවය කළ කාන්තාවන් පිරිසක් තම පැය 16යේ සේවා මුරය පැය 10කට සීමා කිරීමේ අයිතිවාසිකම ලබාදෙන මෙන් ඉල්ලා නිව්යෝර්ක් නුවරදී වීදි ඔස්සේ පෙළපාළි ගොස් තිබේ.

එම සිදුවීමෙන් වසරකට පසුව එනම් 1909දී අන්තර්ජාතිකව ලෝක කාන්තා දිනයක් පිළිබඳ අඳහසක් ඇති වූ අතර එය නිල වශයෙන් කාන්තා දිනයක් සැමරිය යුතු බවට තීරණය කෙරුණේ, 1910 වසරේදී කෝපන්හේග් නුවර පැවැති රැස්වීමකින් අනතුරුව ය.

එහිදී ඔවුන් සැමරුම් දිනය ලෙස තෝරාගත්තේ පෙබරවාරි 28 වන දා ය. එහෙත් 1910 කෝපන්හේග් නුවරදී රැස්වුණු අන්තර්ජාතික සමසමාජවාදීන් විසින් ලෝක කාන්තා දිනය ලෙස මාර්තු 8 වන දින නම් කරනු ලැබ තිබේ. මෙලෙස කාන්තා දිනයක් ප්‍රකාශයට පත් කෙරුණේ, කාන්තා අයිතීන් සුරැකීම සහ කාන්තා අභිවෘද්ධිය වෙනුවෙනි.

ප්‍රථම සැමරුම කෝපන්හේග් නුවරදී පැවැති සමුළුවෙන් අනතුරුව 1911දී ලොව රටවල් කිහිපයක ලෝක කාන්තා දිනය සමරනු ලැබී ය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාර්ලිමේන්තුව තවත් ඉලක්කයක්ද?

Mohamed Dilsad

2018 ආසියාන් ලෝක ආර්ථික සමුළුව අදයි

Mohamed Dilsad

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩල රැස්වීම ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment