ප්‍රමුඛ පුවත 1

අධිකාරීන් දෙකකට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙයි

(UTV | කොළඹ) – නිවාස සංවර්ධන අධිකාරීයට සහ සමෘද්ධි අධිකාරියට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මේ වනවිට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

රාජ්‍ය දේපල අවභාවිතා කිරීම සම්බන්ධයෙන් මෙම ක්‍රියාමාර්ගයන් ගැනීමට නියමිත අතර , අදාළ ආයතන මැතිවරණ නීති උල්ලංඝණය කරමින් එක් අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය වන ආකාරයෙන් කටයුතු කරමින් සිටින බවයි මැතිවරණ කොමිසම පෙන්වා දෙන්නේ.

ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්ගෙන් ලද පැමිණිලි මත අවස්ථා ගණනාවකදී ඔවුන්ට ඒ සම්බන්ධයෙන් දැනුම් දුන්නද ඔවුන් කොමිෂන් සභාවේ අණ නොතකමින් කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.

එමෙන්ම , රාජ්‍ය දේපළ අවභාවිතය සම්බන්ධයෙන් පැමිණිලි දිගින් දිගටම ලැබෙමින් පවතින බව ද මැතිවරණ නිරීක්ෂණයේ නිරත පැෆ්රල් සංවිධානය පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශිෂ්‍යත්ව ප්‍රතිඵල ලබන 05 වන දා

Mohamed Dilsad

එජාපය පාදයාත්‍රාවට සුදානම්

Mohamed Dilsad

දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම විශේෂ ක්‍රමවේදයකට

Mohamed Dilsad

Leave a Comment