ප්‍රමුඛ පුවත 1

කොල්ලකන ලද කෝටි 500 දියමන්තිය සොයා ‍ගනී

(UTV| කොළඹ) – ඇරැව්වල ප්‍රදේශයේදී කොල්ලකන රුපියල් කෝටි 500ක් පමණ වටිනා ලද බවට සැක කරන දියමන්තිය සොයා ‍ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන එකකයේ නිලධාරින් විසින් සිදු කළ විමර්ශනයකදි මෙම දියමන්තිය සොයා ගැණුන බවයි.

පසුගිය පසුගිය නොවැම්බර් 05වනදා මෙම දියමන්තිය ඇරැව්වල ප්‍රදේශයේදී කොල්ලකන ලදී.

පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් පසුගියදා පන්සල් පාර, ගොඩාමුල් , පිටිගල ලිපිනයේ පදිංචි කැලුම් ඉන්දික සම්පත් නොහොත් “නැලුමා” නැමැති සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ඔහුගෙන් සිදු කරන ලද විමර්ශන අනුව මෙම දියමන්තිය බවට සැක කරන දියමන්තිය පානදුර , කෙසෙල්වත්ත ප්‍රදේශයේදී සොයා ගැනීමට හැකි වි තිබේ.

තවද මෙම සැකකරුගේ පිටිගල නිවස පරික්ෂා කිරිමේදි සඟවා තිබු රුපියල් ලක්ෂ 150ක මුදලක්ද සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කිඹුලෙක් මස්කළ දෙදෙනෙකුට වැඩ වරදී

Mohamed Dilsad

ඉන්දීය ජාතිකයන් දෙදෙනෙක් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් [VIDEO]

Mohamed Dilsad

අමාත්‍ය මණ්ඩලය අද රැස් වීමට නියමිතයි

Mohamed Dilsad

Leave a Comment