ප්‍රමුඛ පුවත 1

හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් එරෙහි නඩුව කල් තැබෙයි..

(UTV| කොළඹ) – අල්ලස් නඩුවකට අදාළව සැකකරුවන් ලෙස නම් කර ඇති හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්, අභියාචනාධිකරණ විනිසුරු ඒ.එම්.එන්.ඩී. නවාස් සහ විදුලිබල අමාත්‍යංශයේ හිටපු ලේකම් එන්.එන්.පී. ෆර්ඩිනැන්ඩු මහතා සම්බන්ධ නඩුව ලබන 07 වැනි දා තෙක් කල් තැබීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (26) නියම කළේය.

ලංකා විදුලිබල පෞද්ගලික සමාගමට ඉඩමක් මිලට ගැනීමේ දී අක්‍රමිකතාවක් සිදුවූ බවට කමිටු දෙකක් මගින් නිර්දේශ කර තිබියදී වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් චුදිතයන් තිදෙනාට දුෂණය චෝදනාව යටතේ චෝදනා ගොනු කර ඇත.

මෙම සිද්ධියට අදාළ නඩුව මෙම අධිකරණය හමුවේ විභාගයට නොගන්නා ලෙස ඉල්ලමින් විත්තිකරුවන් වෙනුවෙන් අභියාචනාධීකරණය හමුවේ ඉදිරිපත් කර ඇති පෙත්සම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම අද (26) අධිකරණයට වාර්තා කරනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හිටපු බන්ධනාගාර කොමසාරිස් ලබන 30 වනදා දක්වා යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

සහරාන්ගේ අනුගාමිකයන් 2 කුට එරෙහිව ඉන්දීය පොලිසිය අධිකරණයට

Mohamed Dilsad

Leave a Comment