ප්‍රමුඛ පුවත 1

සහරාන්ගේ අනුගාමිකයන් 2 කුට එරෙහිව ඉන්දීය පොලිසිය අධිකරණයට

 

(UTV | කොළඹ) – පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව මෙහෙය වූ සහරාන් හෂීම්ගේ අනුගාමිකයින් ලෙස ඉන්දියාවේ ප්‍රහාර සැලසුම් කළ බව කියන චෝදනාවට අත්අඩංගුවට ගත් අයි.එස්.සංවිධානයේ කොයිම්බතූර් නායකයා ඇතුළු දෙදෙනෙකුට එරෙහිව එරට පොලීසිය විසින් අධිකරණය හමුවේ චෝදනා ගොනුකර තිබේ.

අයි.එස්.සංවිධානයේ කොයිම්බතූර් නායකයා ලෙස සැලකෙන මොහොමඩ් අසරුඩීන් සහ ඔහුගේ සහයක ෂෙයික් හිදයතුල්ලාහ් නමැති සැකකරුවන් දෙදෙනාට එරෙහිව සපරාධී කුමන්ත්‍රණ හා ත්‍රස්ත චෝදනා මත මෙලෙස අධිකරණය හමුවේ චෝදනා ගොනුකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

පසුගිය අප්‍රේල් මස 21 වැනිදා ශ්‍රී ලංකාවේ සිදුවු ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් අනතුරුව ඉන්දීය ජාතික බුද්ධි විමර්ශන ඒජන්සිය විසින් ඉන්දියාවේ තමිල්නාඩු සහ කේරළ යන ප්‍රාන්තවල සිදුකළ සෝදිසි මෙහෙයුම්වල දී මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණි.

Related posts

ප්‍රහාරයේ වගකිම අයි.එස් සංවිධානය විසින් භාර ගනියි..

Mohamed Dilsad

උත්තරදේවි දුම්රියේ නව බලවේග කට්ටලය අද ජනතා අයිතියට..

Mohamed Dilsad

අගමැති සහ TNA නායක අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment