ප්‍රමුඛ පුවත 1

ඇමරිකානු පාර්ලිමේන්තුවේ නියෝජිත පිරිසක් ජනමාධ්‍ය ඇමති හමුවෙයි

(උදයම්,කොළඹ) – ඇමරිකානු පාර්ලිමේන්තුවේ ප්‍රජාත්‍රන්ත්‍රවාදී හවුල්කාරීත්වයේ කොන්ග්‍රස් නියෝජිත පිරිසක් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අතර හමුවක් පසුගියදා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාල පරිශ්‍රයේ දී  සිදු විය.
ඇමරිකානු ප්‍රජාත්‍රන්ත්‍රවාදී හවුල්කාරීත්වයේ සභාපති මෙන්ම කොන්ග්‍රස් නියෝජිත පීටර් රොස්කම් (Peter Roskam- Chairman) මහතා හා එහි නියෝජිත ඩේවිඩ් ප්‍රිස් (David Price ), ඩිනා ටිටුස් ( Dina Titus), ගෙරි කොනොලි ( Gerry Connolly ), සුසාන් ඩේවිස් ( Susan Davis ) , ජෙෆ් බිල්මන් ( Jeff Billman ), ජස්ටින් වින් (Justin Wein ), ජෙඩ් මෙලින් ( Jed Meline) සහ මෙරට ඇමරිකානු තානාපති අතුල් කේෂප්(Athul Keshap) යන දූත පිරිස මෙම හමුවට එක්ව සිටි අතර එහිදී දෙරටේ පාර්ලිමේන්තු ක්‍රමය හා එහි ප්‍රතිසංස්කරණය පිළිබඳ කතා බහ සිදු කෙරිණි. මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා, පාර්ලිමේන්තුවේ සභනායක ලේකම් නවුපර් රහුමාන් මහතා,ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලේකම් සී. කුරුප්පු මහතා අතුළු පිරිසක්එක් වූහ.

Related posts

ආනයනය සීමා කළ හැකි භාණ්ඩ පිළිබඳව ජනපති වාර්තාවක් ඉල්ලයි

Mohamed Dilsad

ආනයනික වාහනවල ආසන පටි හා වායු බැලූන අනිවාර්ය කිරීම ජූලි සිට

Mohamed Dilsad

ඇසළ පෙරහර මංගල්‍යයේ කප් සිටුවීමේ චාරිත්‍රය අදයි

Mohamed Dilsad

Leave a Comment