ප්‍රමුඛ පුවත 1

ගජමුතු දෙකක් සමඟින් දෙදෙනෙකු අත්අඩංගුවට

(UTV|අනුරාධපුරය) – අලෙවිය සඳහා රැගෙන යමින් තිබූ ගජමුතු 02ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු  අත්අඩංගුවට ගෙන තිබේ.

අනුරාධපුර බස්නැවතුම්පළ අසලදී ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අනුරාධපුර විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත ඊයේ(19) පස්වරුවේ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් විසින් මෙම ගජමුතු දෙක ලක්ෂ 10කට පමණ අලෙවි කිරීමට සුදානමින් සිටි බවට තොරතුරු අනාවරණය වී තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 43හැවිරිදි සහ 48 හැවිරිදි තාලාව සහ හොරණ ප්‍රදේශ වල පදිංචිකරුවන් වේ.

අදාළ සැකකරුවන් අනුරාධපුර වනජීවි දිස්ත්‍රික් කාර්යාලයට බාර දී ඇත.

මේ සම්බන්ධයෙන් අනුරාධපුර වනජීවි කාර්යාලය වැඩිදුර විමර්ශන සිදු කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තරුණ පරපුර උදෙසා නව වැඩසටහන් පෙළක් – සජිත් [VIDEO]

Mohamed Dilsad

නව පක්‍ෂය සඳහා අනුමැතිය ගැනීමේ යෝජනාව අනිද්දා කෘත්‍යාධිකාරී මණ්ඩලයට

Mohamed Dilsad

ත්‍රිවිධ හමුදාව හැරගිය සාමාජිකයින්ට අද සිට පොදු සමා කාලයක්

Mohamed Dilsad

Leave a Comment