විදෙස්

චීනය උතුරු කොරියාවට අනතුරු අඟවයි

(උදයම්,චීනය) – න්‍යෂ්ටික අත්හදාබැලීම් සිදු නොකරන ලෙස අසල්වැසි රටක් වන චීනය උතුරු කොරියාවට දැනුම් දෙයි.

එසේ නොකළ හොත් ඉදිරියේදී විශාල ගැටළු ඇති විය හැකි බව චීන විදේශ අමාත්‍ය වැන් ඊ පවසා ඇත.

උතුරු කොරියාව පසුගිය සදුදා බැලස්ටික් මිසයිල හතරක් අත්හදා බලන ලදී .

එය දකුණු කොරියාව විසින් අනාවරණය කළ අතර එම මිසයිල වලින් තුනක්ම ජපාන මුහුදු සීමාවට පතිත වී ඇත.

මෙම මිසයිල අත්හදා බැලීම තම කලාපයට බලවත් තර්ජනයක් බවයි නිවේදනයක් නිකුත් කරමින් ජපාන අග්‍රාමාත්‍ය සින්ෂෝ අබේ සඳහන් කළේය.

මෙම අත්හදා බැලීම ඇමරිකාවද හෙළා දැක තිබුණා.

Related posts

ටවුටේ හානිය බලන්න මෝදි අද ගුජරාට් ප්‍රාන්තයට

Mohamed Dilsad

අමෙරිකානු රාජ්‍ය ලේකම්ගේ චීන සංචාරය අවලංගු කරයි

Mohamed Dilsad

හොංකොං ප්‍රජාතන්ත්‍රවාදී හිතවාදී ක්‍රියාකාරිකයෙක් වන ජෝෂුවා වොන් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment