ප්‍රමුඛ පුවත 1

ඇදුරු වර්ජනයෙන් සරසවි කටයුතු වලට බාධා

(උදයම්,කොළඹ) – විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය විසින් මේ වනවිට ආරම්භ කර ඇති සංකේත වැඩවර්ජනය නිසා විශ්වවිද්‍යාල කටයුතු වලට බාධා එල්ල වී ඇති බව වාර්තා වෙයි.මෙමෙ වර්ජනය හෙට දිනයේත් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

විශ්වවිද්යාල ආචාර්යවරුන්ගේ වැටුප් සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය කේ.පී. නිශාන්ත මහතා කියා සිටියේ විශ්වවිද්‍යාල 15ක මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වන බවය.

කෙසේවෙතත් මෙම වැඩවර්ජනය හේතුවෙන් අදාළ දිනයන්හි විශ්වවිද්යාල තුළ පැවැත්වීමට නියමිත විභාග ඇතුළු අනෙකුත් අධ්‍යයන  කටයුතු අඩාල වනු ඇත.

Related posts

චන්ද්‍රසිරි ගජදීර අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

තද වැසි-මුහුණ රළු වෙයි, ධීවර හා නාවික කටයුතු විමසිල්ලෙන්

Mohamed Dilsad

දිවුරුම් දීමේ උත්සවයට අගමැති එක්වෙයි

Mohamed Dilsad

Leave a Comment