ප්‍රමුඛ පුවත 1

මන්නාරම වෙළඳසැලක ගින්නක්

(UTV| කොළඹ) – මන්නාරම නගරයේ පිහිටි පෞද්ගලික ව්‍යාපාරික ස්ථානයක ගින්නක් හට ගැනේ.

හටගත් ගින්නකින් වෙළඳසැළ තුළ තිබු භාණ්ඩ රැසක් විනාශ වී ගොස් තිබේ.

ඊයේ(12) රාත්‍රී 8.00 ට පමණ ගින්න හටගෙන ඇත.

ගින්න හේතුවෙන් වෙළඳසැළ ලක්ෂ ගණනාවක් වටිනා භාණ්ඩ තොගයක් විනාශ වී ඇති බව මන්නාරම පොලීසිය පවසයි.

ගින්න හටගත් පසු ප්‍රදේශයේ පොලිස් නිලධාරීන්,යුද හමුදා නිදධාරීන්,මන්නාරම නගර සභා නිලධාරීන්,නාවික හමුදා නිලධාරීන් පැමිණ ගින්න නගරයේ අනෙක් ව්‍යාපාර ස්ථාන වෙත පැතිරයාම වැළැක්වීමට කටයුතු කර තිබේ.

ඒ අනුව වවුනියාව ගිනි නිවිම් ඒකකය රාත්‍රී10.30 ට පමණ පැමිණ ගින්න නිවා දැමු බව පොලීසිය සඳහන් කරයි.

ගින්න හේතුවෙන් සිදුවු විනාශය මෙතෙක් තක්සේරු කොට නොමැත.

ඒ සම්බන්ධයෙන් මන්නාරම පොලිසිය වැඩි දුර පරීක්‍ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඌරුබොක්කේ වෙඩි තැබීමක්

Mohamed Dilsad

රුසියානු විප්ලවයේ සියවස් සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ ජනාධිපති බුද්ධිමත් පුද්ගලයෙක්- නේස්බි සාමිවරයා

Mohamed Dilsad

Leave a Comment