ප්‍රමුඛ පුවත 1

සුදු හකුරු සුමිත්ගේ ඝාතකයින් සොයා පරීක්‍ෂණ

(UTV| කොළඹ) – තණමල්විල ප්‍රදේශයේදී ඊයේ(10) සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා පොලිස් කණ්ඩායම් 3ක් පත් කෙරේ.

CCTV දර්ශන උපයෝගී කර ගනිමින් විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය පැවසුවේය.

තණමල්විල ප්‍රදේශයේදී ඊයේ දහවල් 12.20 ට පමණ සිදුවූ වෙඩි තැබීමෙන් ‘සුදු හකුරු සුමිත්’ හෙවත් වසන්ත නමැති 42 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් තවත් 22 හැවිරිදි පුද්ගලයෙක් තුවාල ලැබූහ.

යතුරු පැදි දෙකකින් පැමිණි පුද්ගලයින් 4 දෙනෙකු වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබූ අතර පොලීසිය පැවසුවේ, වෙඩි වැදීමෙන් මියගිය පුද්ගලයා මීට මාස 6 කට පමණ පෙර සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් හඳුනා ගෙන සිටි ප්‍රධාන සැකකරුවෙකු බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රාජ්‍ය නායකයන් දෙදෙනෙක් ජනාධිපති හමුවෙයි [VIDEO]

Mohamed Dilsad

නව කැබිනට් සංශෝධනය ලබන 23 න් පසු

Mohamed Dilsad

ඇදිරි නීති බලපත්‍ර අවභාවිත කරන්නන්ට දැඩි දඩුවම්

Mohamed Dilsad

Leave a Comment