ප්‍රමුඛ පුවත 1

මදුෂ් සමඟ සිටින හවුල්කරුවන් සොයා මෙහෙයුම් අඛණ්ඩව

(UTV| කොළඹ) – පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ සබඳතා පැවැත්වූ මෙරට සිටින පාතාල සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරයි.

පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඒකාබද්ධව මෙම මෙහෙයුම් සිදු කරයි.

ඊයේ(10) දිනයේදී අන්දරවත්තේ චාමර නැමති පාතාල නායකයා මට්ටක්කුලිය ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදි පොලිස් විශේෂ කාර්ය බලකායෙන් අත්අඩංගුවට ගැනුණි.

පොලීසිය පැවසුවේ මාතර දිස්ත්‍රික්කය තුළ සිටින මාකඳුරේ මධුෂ්ගේ ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

ඩුබායි පොලීසියද මාකඳුරේ මධුෂ් ඇතුලු සෙසු පාතාල නායකයන් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවට පක්ෂව ඡන්ද 121 යි

Mohamed Dilsad

නිව්යෝර්ක් ටයිම්ස් අනාවරණයේ පාර්ලිමේන්තු විවාදය අදයි

Mohamed Dilsad

ජනපති සහ තායිලන්ත අගමැති ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදා ගනී

Mohamed Dilsad

Leave a Comment