ප්‍රමුඛ පුවත 1

ඥානසාර හිමියන්ට ලබාදුන් මාස 6 ක සිර දඬුවම වසර 5 කට අත්හිටුවයි

(UTV| කොළඹ) – බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබාදුන් මාස 6 ක සිර දඬුවම වසර 5 කට අත්හිටුවයි.

සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට බැන, තර්ජනය කිරීම සම්බන්ධයෙන් නියම වූ සිර දඬුවම එරෙහිව ඉදිරිපත් කර තිබූ අභියාචනයේ තීන්දුව අද හෝමාගම මහාධිකරණයේදී ප්‍රකාශයට පත් කරමින් මෙම නියෝගය ලබා දුන්නේය.

සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට බැන, තර්ජනය කිරීම සම්බන්ධයෙන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය වසරේ ජුනි මස 14 වනදා ඥානසාර හිමියන්ට මාස 6ක සිර දඩුවමක් නියම කරනු ලැබීය.

පසුව උන්වහන්සේ පසුගිය වසරේ ජුනි 19 වැනිදා ඊට අදාළව අභියාචනයක් ගොනුකළහ.

එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණේ පසුගිය ජනවාරි 30 වන දාය.

එහෙත් ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අධ්‍යයනය කර එම තීන්දුව අද ලබාදෙන බව මහාධිකරණ විනිසුරුවරයා එදින පවසා තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කළුතර අධිකරණය හා ඒ අවට ප්‍රදේශවල ආරක්ෂාව තර කරයි

Mohamed Dilsad

දක්ෂිණ අධිවේගයේදී බස් රථයක් පෙරළෙයි

Mohamed Dilsad

රේගු නිලධාරීන්ගේ සංගමය සංකේත වැඩ වර්ජනයක

Mohamed Dilsad

Leave a Comment