ප්‍රමුඛ පුවත 1

බැංකු ගණුදෙනුකරුවන්ගේ මුදල් සුරැකීමට මහ බැංකුවෙන් විශේෂ වැඩපිළිවෙලක්.

(UTV| කොළඹ) – වංචනික ලෙස කාඩ්පත් භාවිත කරමින් බැංකු ගිණුම් මගින් මුදල් ලබාගැනීමේ සිදුවීම් කීපයක් පසුගිය දිනවල වාර්තාවීම හේතුවෙන් බැංකු ක්‍රමයේ සහ ගණුදෙනුකරුවන්ගේ මුදල්වල සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අමතර ආරක්ෂිත ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇත.

ඒ සඳහා ලංකා ක්ලියර් පුද්ගලික සමාගමේ සහ බලපත්‍රලාභී බැංකුවල සහයද ලැබී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කර සිටියි.

මේ සම්බන්ධයෙන් සැකපිට ඊයේ (06) චීන ජාතිකයන් දෙදෙනෙකු සහ රුමේනියා ජාතිකයෙකු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිය බැංකු ගිණුමේ හඳුනාගත නොහැකි වූ ගණුදෙණුවක් හෝ අස්ථානගත වූ කාඩ්පත් වෙතොත් වහාම අදාළ බැංකුවට දැනුම් දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවට දැනුම් දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විපතට පත් ජනතාවට සහන සැලසීමට ජනාධිපතිගෙන් සහ අගමැතිගෙන් උපදෙස් [VIDEO]

Mohamed Dilsad

කැබිනට් රැස්වීම පවත්වන වෙලාවේ වෙනසක්

Mohamed Dilsad

LTTEයට එරෙහිව ගෙන ගිය සටන ගැන හිටපු ජනපති ඉන්දියාවේදී කියූ දේ

Mohamed Dilsad

Leave a Comment