ප්‍රමුඛ පුවත 1

ජාතික වෙළෙඳ ප්‍රතිපත්තිය සඳහා ලබාගත් මහජන අදහස් ඇතුළත් වාර්තාව ජනපතිට

(UTV| කොළඹ) – ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක කේන්ද්‍රීය ලක්ෂණ එළිදැක්වීම උදෙසා වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් පත් කළ මහජන කොමිසම වෙත විවිධ පාර්ශ්වයන් විසින් ලබාදුන් අදහස් සාරාංශ කොට සකස් කරන ලද අතුරු වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම ඊයේ(04) පස්වරුවේ කොළඹ 07 විද්වත් වෘත්තිකයන්ගේ සංගම් මධ්‍යස්ථානයේ දී සිදු විය.

වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා විසින් වාර්තාව ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.

“නෛතික නිදහසින් වසර 71කට පසු ප්‍රතිපත්ති සම්පාදනය තුළින් සැබෑ නිදහසක් කරා” යන තේමාව යටතේ සංවිධානය කෙරුණු ප්‍රදර්ශනය නැරඹීමට ද අනතුරුව ජනාධිපතිවරයා එක් විය.

පා.ම සුසිල් ප්‍රේමජයන්ත, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරුන් ඇතුළු ආරාධිත පිරිසක් ද වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ ලේකම් ඉංජිනේරු කපිල පෙරේරා මහතා ඇතුළු එහි සාමාජිකයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

බන්ධනාගාර රැඳවියෙකු සිය දිවි නසා ගනී.

Mohamed Dilsad

රුපියලේ අගය තවත් පහළට

Mohamed Dilsad

මෙරට සමස්ත ආසාදිතයන් ගණන තවත් ඉහලට

Mohamed Dilsad

Leave a Comment