ප්‍රමුඛ පුවත 1

ඝණ ආහාර සදහා වර්ණ සංකේත ක්‍රමය අප්‍රේල් 01 සිට

(UTV| කොළඹ) – බෝනොවන රෝග පාලනය කිරිමට පැණිබීම සදහා පනවා තිබූ වර්ණ සංකේත ක්‍රමය අනෙකුත් ඝණ ආහාර සදහා ද ක්‍රියාත්මක කිරිමට අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නියම කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි .

ඒ අනුව 1980 අංක 26 දරණ ආහාර පනතට අනුව අප්‍රේල් මස 01 දා සිට ක්‍රියාත්මක කරන ලෙසට පාරිසරික හා ආහාර සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ලක්ෂ්මන් ගම්ලත් මහතාට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ සම්බන්ධයෙන් පැවති සාකච්චාවකදී උපදෙස් ලබා දී ඇත.

ඝණ ආහාර, අර්ධ ඝණ ආහාර සහ දියර ආහාර වල අධික සීනි, ලුණු සහ මේදය අඩංගු වන්නේ නම් ඒ සදහා වර්ණ සංකේතයක් ආහාර ලේබලයේ ප්‍රධාන රාමුවේ ප්‍රදර්ශණය කර යුතුය .

මේ පිළිබදව ආහාර නිෂ්පාදනය කරන නිෂ්පාදකයන්ව දැනුවත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වෙසක් වෙනුවෙන් සියලූම සුරා සැල් වසා දැමීමට සුදානම්

Mohamed Dilsad

වතු කම්කරුවන්ගේ ජිවන තත්ත්වය උසස් කිරීමට කටයුතු – ගෝඨාභය

Mohamed Dilsad

දුරකථන ඇමතුම් පිළිබඳව ජනතාවට විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment