ප්‍රමුඛ පුවත 1

පොලිසියට එරෙහි පැමිණිලි අද සිට භාර ගැනේ

(UTV| කොළඹ) – පොලීසියට එරෙහිව අද සිට පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව ජාතික පොලිස් කොමිසම පවසයි.

ඒ  අන්තර්ජාලය ඔස්සේය.

යොමු කරන පැමිණිලි සම්බන්ධයෙන් පසුවිපරම් කිරීමට ද අන්තර්ජාලය මගින් අවශ්‍ය පහසුකම් සලසා ඇති බව ජාතික පොලිස් කොමිසමේ සභාපති ජී.එච්. මනතුංග මහතා පැවසීය.

මේ අනුව ජාතික පොලිස් කොමිසමේ නිල වෙබ් අඩවිය වන www.npc.gov.lk වෙබ් අඩවියෙන් මහජන පැමිණිලි ඉදිරිපත් කළ හැක.

මහජනතාව විසින් පොලීසියට ඉදිරිපත් කරන පැමිණිලි සම්බන්ධයෙන් ඇතැම් පොලිස් නිලධාරීන් පක්ෂග්‍රාහීව කටයුතු කරන බවට සහ පැමිණිලි විමර්ශන කටයුතු ප්‍රමාද වන බවට ලැබෙන පැමිණිලි ඉහළ යාම හේතුවෙන් මෙම පියවර ගත බව ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයා පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සරසවි ප්‍රවේශ අත්පොත ලබන සතියේ නිකුත් වෙයි

Mohamed Dilsad

තම දියණිය ඝාතනය කල පුත්තලමේ මව අත්අඩංගුවට

Mohamed Dilsad

මන්නාරම ධීවර කර්මාන්තය ලංකාවේ අංක එකට ගේනවා – ඇමති රිෂාඩ්..

Mohamed Dilsad

Leave a Comment