ප්‍රමුඛ පුවත 1

වෛද්‍ය සංගමයට නව සභාපතිවරියක්

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ 122 වැනි සභාපතිනිය ලෙස විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පත් කර තිබේ.

විජේසුන්දර මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සර්වාංග විශේෂඥ වෛද්‍ය ලෙස කටයුතු කළ අතර කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පළමු මහාචාර්යවරියයි.

වෛද්‍ය විජේසුන්දර මහත්මිය ශ්‍රී ලංකා සර්වාංග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති ධුරයද දරනු ලැබීය.

එමෙන්ම  ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උප සභාපතිවරුන් ලෙස කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයේ කථිකාචාර්ය වෛද්‍ය පණ්ඩුක කරුණානායක මහතා සහ ශ්වශන රෝග විශේෂඥ වෛද්‍ය කීර්ති ගුණසේකර මහතා ද පත් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලක්ෂ 30ක් වටිනා ගජමුතු 2ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ජනාධිපතිවරණයට පොලිස් මෙහෙයුම් මැදිරි 473ක්

Mohamed Dilsad

අලි රොෂාන් ඇතුලූ 08 දෙනා ඇප මත මුදාහරියි

Mohamed Dilsad

Leave a Comment