ප්‍රමුඛ පුවත 1

කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කෙරේ

(UTV| කොළඹ) –  දික්වැල්ල සහ අයගම ප්‍රදේශවලදී කාන්තාවන් දෙදෙනෙකු ඝාතනයට ලක්ව තිබේ.

දික්වැල්ල, කෝට්ටේගොඩ ප්‍රදේශයේදී දෙපාර්ශවයක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් සිදුවූ අලවංගුවකින් පහරදීමකින් කාන්තාවක් මියගොස් ඇති බව පොලීසිය පැවසීය.

ඊයේ(10) රාත්‍රීයේ සිදුවූ මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 26 හැවිරිදි කාන්තාවකි.

මෙම ඝාතනයට සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර අයගම, වතුකාරගම ප්‍රදේශයේ නිවසක් තුළදී 83 හැවිරිදි කාන්තාවක් පහරදී ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.

ඝාතනය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇත.

මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද(11) සිදු කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රෙජීනොල්ඩ්ට හා නිලුකාට ජනපතිගෙන් නව තුනතුරු..

Mohamed Dilsad

ගලගොඩඅත්තේ ඥාණසාර හිමි නිදහස ලබයි.

Mohamed Dilsad

අක්මීමන පාසලකට බලහත්කාරයෙන් ඇතුලුවීමට ගිය පුද්ගලයෙකුට වෙඩි වැදීමෙන් ජිවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment