ප්‍රමුඛ පුවත 1

ගලගොඩඅත්තේ ඥාණසාර හිමි නිදහස ලබයි.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ජනාධිපති සමාව ලැබ වැලිකඩ බන්ධනාගාරයෙන් අද (23) පස්වරුවේ පිටව ගියහ.

ආරක්ෂක අංශ උපදෙස් මත රැස්ව සිටි මාධ්‍යවේදීන් හෝ ජනතාව රැඳී සිටි ස්ථානය වෙත නොපැමිණ කෙට්ටාව රුක්මලේ පිහිටි විහාරස්ථානයට වැඩම කළ බව ස්වාමීන්වහන්සේ නමක් මාධ්‍ය වෙත පැවසුහ.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ඇතුළු චෝදනා හතරකට වරදකරුවූ උන්වහන්නේ වසර 19ක බරපතල වැඩ සහිත සිර දඬුවමක්, වසර හයකින් ගෙවී යන ලෙස නියමව සිටියහ. 2018 අගෝස්තු 08දා සිට අද දක්වා උන්වහන්සේ එම සිර දඬුවම් විඳිමින් සිටියහ.

සංඝයාවහන්සේ, මාධ්‍යවේදීන් සහ විශාල ජනකායක් අද දහවල් සිට බන්ධනාගාරය අවටට රැස්ව සිටිනු දක්නට ලැබුණි.

Related posts

ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණය යළි ගනණයට.

Mohamed Dilsad

නීති විරෝධීව ඊශ්‍රාලයේ රැදී සිටින ශ්‍රමිකයින්ට මාසයක පොදු සමා කාලයක්

Mohamed Dilsad

සාමකාමී පරිසරයක් වෙනුවෙන් පළාත් මට්ටමින් විශේෂ වැඩපිළිවෙළක්

Mohamed Dilsad

Leave a Comment