ප්‍රමුඛ පුවත 1

රෙජීනොල්ඩ්ට හා නිලුකාට ජනපතිගෙන් නව තුනතුරු..

(UTV| කොළඹ) – උතුරු හා සබරගමු යන පළාත්වල හිටපු ආණ්ඩුකාරවරු ලෙස කටයුතු කළ රෙජිනෝල්ඩ් කුරේ මහතාට හා නිලුකා ඒකනායක මහත්මිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නව තනතුරු ලබා දී තිබේ.

ඒ අනුව රෙජිනොල්ඩ් කුරේ මහතා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නව සභාපතිවරයා වශයෙන් පත් කර තිබේ.

එසේම සබරගමු පළාත් හිටපු ආණ්ඩුකාරවරිය වන නිලුකා ඒකනායක මහත්මිය රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිනිය වශයෙන්ද පත් කර තිබේ.

ඔවුන් දෙදෙනාට පත්වීම් ලිපි පිරිනැමීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා අතින් ඊයේ (09) සිදුව තිබේ.

මෙම දෙදෙනාම ජනාධිපතිවරයා කළ දැනුම් දීමට අනුව ඉකුත්දා ආණ්ඩුකාර ධූරවලින් ඉල්ලා අස්විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ට්විටර් දේශපාලන දැන්වීම් ප්‍රචාරය නවතා දමයි

Mohamed Dilsad

සමෘද්ධිමත් දේශයක් ස්ථාවර රාජ්‍යයක් සඳහා එක්වෙමු – අගමැති

Mohamed Dilsad

සමගි ජන බලවේගය හංසයා ලකුණින් මහමැතිවරණයට

Mohamed Dilsad

Leave a Comment