ප්‍රමුඛ පුවත 1

2019 වසරේදී සුරක්ෂා රක්ෂණාවරණයෙන් සිසුන්ට වැඩි ප්‍රතිලාභ…

(UTV| කොළඹ) – පසුගිය වසරට සාපේක්ෂව සුරක්ෂා රක්ෂාවරණයේ මුදල සහ ප්‍රතිලාභ ලබා ගැනීමේ අවස්ථා මේ වසරේදී වැඩිකිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.

සුරක්ෂා රක්ෂණාවරණය 2019 වසර සඳහා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අනුමැතිය පසුගිය දා පැවති කැබිනට් මණ්ඩලයේ දී හිමිවිය.

පාසල් සිසුන් ලක්ෂ 45 කට මෙම රක්ෂණාවරණය ලබාදී ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

පසුගිය වසරේ දී සුරක්ෂා රක්ෂණාවරණය ලබාදීමේ දී ලද අත්දැකීම් සැලකිල්ලට ගනිමින් රජයට අවම වියදමක් දරා සිසුන්ට වැඩි ප්‍රතිලාභ හිමිවන පරිදි  නව යෝජනා ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කටයුතු කර ඇත.

හදිසි රෝග, අනතුරු සහ ආබාධ තත්ත්වවලදී ඉක්මන් සෞඛ්‍ය සේවා සඳහා මෙමඟින් ආවරණය සැලසෙනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දීය ධිවර යාත්‍රා කොන්දේසි සහිතව නිදහස් කිරිමේ තීරණයක්

Mohamed Dilsad

කන්තලේ ප්‍රදේශ කිහිපයකට හෙට ජලය අත්හිටුවයි

Mohamed Dilsad

කොළඹට පැමිණි ගුවන් යානයක දෝෂයක්

Mohamed Dilsad

Leave a Comment