ක්‍රීඩා

ප්‍රමෝද්‍යගේ ක්‍රිකට් වාර්තාව මලින්ද සිය සුරතට ගනියි..

(UTV| කොළඹ) -ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් පිටියේ ඉනිමක හොඳම පන්දු යැවීමේ වාර්තාවට  හිමිකම් කියමින් ප්‍රතිවාදී කණ්ඩායමේ කඩුලු 10 ම දවා ගැනීමට වමත් දඟ පන්දු යවන ක්‍රීඩක මලින්ද පුෂ්පකුමාර කොළඹ කණ්ඩායම හා සැරසන් කණ්ඩායම අතර පැවැති තරගයේදී සමත් විය.

ඒ අනුව හෙතෙම කොළඹ කණ්ඩායම වෙනුවෙන් සැරසන් කණ්ඩායමේ දෙවැනි ඉනිමේ කඩුලු 10 ම ලකුණු 37කට දවා ගැනීමට සමත් විය.

නව පන්දුවෙන් පන්දු යැවීම ආරම්භ කළ මලින්ද අඛණ්ඩව පන්දුවාර 18.4ක් යොමුකරමින් මෙම වාර්තාව පිහිටුවීමට සමත්විය.

ඉනිමක් තුළ මීට පෙරදී ශ්‍රි ලංකාව වෙනුවෙන් 1991 වසරේදී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මෙම දක්ෂතාව දක්වා තිබුනි ඔහු සිංහල ක්‍රීඩා සමාජය වෙනුවෙන් කලුතර කණ්ඩායමට එරෙහිව ලකුණු 41ට කඩලු 10ක් දවාගෙන තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඕස්ට්‍රේලියානු කණ්ඩායම ගැන තවත් සැකයක්

Mohamed Dilsad

නයිජිරියානු ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාර ධුරය අසංක ගුරුසිංහට

Mohamed Dilsad

ශ්‍රී ලංකාව ආසියානු කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි

Mohamed Dilsad

Leave a Comment