ප්‍රමුඛ පුවත 1

උසස් පෙළ විභාගයේ සහතික නිකුත් කිරීම අද සිට

(UTV| කොළඹ) – පසුගියදා නිකුත් කරනු ලැබූ  උසස් පෙළ විභාගයේ සහතික නිකුත් කිරීම අද (01) සිට සිදුකරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසා සිටියි.

දේශීය හා විදේශීය උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඉදිරිපත් කිරීම සඳහා මෙවර විභාගයේ ප්‍රතිඵල අඩංගු සහතික ලබා ගත හැකි බවත්,එම සහතික සාමාන්‍ය සේවය යටතේ හෝ එක්දින සේවය යටතේ ලබාගත හැකි බවත් විභාග කොමසාරිස්වරයා සඳහන් කරයි.

එක්දින සේවය යටතේ ලබාදීම සඳහා රුපියල් 600ක මුදලක් අය කරන අතර, එහි පිටපතක් ලබාදීම සඳහා තවත් රුපියල් 350ක මුදලක් ගෙවිය යුතු බව සනත් පූජිත මහතා වැඩිදුරටත් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගෝඨාභය කොහොමද මිනීමරුවෝ නිදොස් කොට නිදහස් කරන්නේ [VIDEO]

Mohamed Dilsad

හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් තේරිම් කාරක සභාවට කැඳවා නෑ

Mohamed Dilsad

හමුදා සෙබළෙකු බස් රථයක ගැටී මරුට

Mohamed Dilsad

Leave a Comment