ප්‍රමුඛ පුවත 1

විදුලි පේණු සහ කෙවෙනි සඳහා නව ප්‍රමිතීන් හෙට සිට

(UTV| කොළඹ) –  හෙට (01) සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි පේණු සහ කෙවෙනි සඳහා නව ප‍්‍රමිතීන් හඳුන්වා දෙන බව  ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව හෙට සිට අලෙවි කළ හැක්කේ සහ මිලදී ගත යුත්තේ එම ප‍්‍රමිතීන්ට අනුකුල පේණු සහ කෙවෙනි පමණක් බව එම කොමිසමේ අධ්‍යක්‍ෂ ජෙනරාල් දමිත කුමාරසිංහ  මහතා පැවසීය.

මෙහිදී ඔහු පෙන්වා දුන්නේ විදුලි අනතුරු අවම කර ගැනීමේ අරමුණින් පේණු සහ කෙවෙනි සඳහා මෙම නව ප‍්‍රමිතීන් හඳුන්වා දුන් බවයි.

කෙසේ වෙතත් දැනට භාවිතා කරන විදුලි පේණු සහ කෙවෙනි ඉවත් කිරීමේ කිසිම අවශ්‍යතාවයක් නොමැති බවත් ඒවායේ කාලය අවසන් වනතෙක් භාවිතා කළ හැකි වේ.

අලුතින් මිලදී ගන්නා උපකරණවලදී මෙම නව ප්‍රමිතියට අනුකූල වියයුතු අතර දිගින් දිගටම නව ප්‍රමිතියට අනකූල නොවන විදුලි පේණු සහ කෙවෙනි අලෙවි කිරීම් සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය කටයුතු කරනු ඇති බව අධ්‍යක්‍ෂ ජෙනරාල් දමිත කුමාරසිංහ මහතා සඳහන් කෙළ්ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නෙවිල් ප්‍රනාන්දු රෝහල කොරෝනා යැයි සැක ගැබිණි මව්වරුන් වෙනුවෙන් වෙන්කරයි

Mohamed Dilsad

සියලු දේශපාලන පක්ෂ ලේකම්වරුන් මැතිවරණ කොමිසමට කැඳවයි

Mohamed Dilsad

තමා වෙනුවෙන් කටයුතු කළ සියල්ලන්ටම ස්තූතියි – සජිත් ප්‍රේමදාස

Mohamed Dilsad

Leave a Comment