ප්‍රමුඛ පුවත 1

රුපියල් ලක්ෂ 157ක මුහුණු ආලේපන තොගයක් අත්අඩංගුවට

(උදයම්,කොළඹ)  – තොග වශයෙන් මෙරටට ගෙන්වූ මුහුණු ආලේපන නීති විරෝධී ලෙස විවිධ වෙළෙඳ නාමයන් යටතේ ඇසුරුම් කළ ව්‍යාපාරික ස්ථානයක් වටලා රුපියල් ලක්ෂ 157ට වැඩි වටිනාකමකින් යුතු මුහුණු ආලේපන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන එම ගබඩාවට මුද්‍රා තබා ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා පවසයි.

මෙලෙස මුද්‍රා තබා ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි ගබඩාවකි. බැරල් වශයෙන් මෙරටට ගෙන්වන මුහුණු ආලේපන ප්‍රසිද්ධ වෙළෙඳ නාම හතක ඇසුරුම්වලට ඔවුන් විසින් පුරවා වෙළෙඳ පොළෙට බෙදාහැරීමේ ජාවාරමක් කළක සිට පවත්වාගෙන ගොස් ඇතැයි ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

මේ පිළිබඳ පසුගිය දා ලැබුණු තොරතුරකට අනුව පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පිරිසක් විසින් අදාල ස්ථානය වටලා පරීක්ෂා කිරීමේ දී මෙම ආලේපන තොගය සහ නීති විරෝධී අසුරණ සොයාගෙන ඇත.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා පවසන්නේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මුද්‍රා තැබූ මුහුණු ආලේපන තොගයේ රුපියල් 350 බැගින් මිල කරන ලද අසුරණ 45,000ක් තිබූ බවයි. ඒ අනුව එහි වටිනාකම රුපියල් ලක්ෂ 157කට අධික බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පැවසුවේ මෙම ස්ථානය වැටලීමෙන් පසු මුද්‍රා තබා ඇති බවයි. මෙලස තොග වශවෙන් භාණ්ඩ ගෙන්වා ප්‍රසිද්ධ වෙළෙඳ නාමයන් යටතේ නැවත අසුරුම් කර විකිණීම පාරිභෝගික පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බැවින් ඔවුන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බව ද සභාපතිවරයා වැඩිදුරටත් කීවේය.

Related posts

ලෝටස් පාර වැසේ

Mohamed Dilsad

සැක කටයුතු මරණයක් පිලිබඳ පරීක්ෂණ

Mohamed Dilsad

සජිත්ව ජයග්‍රහණය කරවන බවට රනිල්ගෙන් ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad