ප්‍රමුඛ පුවත 1

කේරල ගංජා සමඟ හිටපු යුධ හමුදා නිලධාරියෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි හිටපු යුධ හමුදා මේජර්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු අනුරාධපුර කූබිච්චංකුලම් වැව අසළදී අත්අඩංගුවට ගත බව පොලිසිය පවසයි.

පොලීසිය සඳහන් කළේ, අනුරාධපුර අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව ය.

සැකකරු සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 8යි මිලිග්‍රෑම් 220ක් සහ මෝටර් රථයක් ද පොලීසිය භාරයට ගෙන තිබේ.

සැකකරු 45 හැවිරිදි අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නීති විරෝධීව ගෙන්වූ ලොකු ලූණු බීජ තොගයක් සමග සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

හානියට පත්වූ ප්‍රදේශ නගාසිටුවීම ආධාරක සමුළුවක් [VIDEO]

Mohamed Dilsad

“රජරට ජනතාවට සමෘද්ධිමත් ආර්ථිකයක් සමග දරුවන්ට හොඳ අධ්‍යාපනයක්” ජනපති කියයි

Mohamed Dilsad

Leave a Comment