ප්‍රමුඛ පුවත 1

යාන් ඔයෙන් යළිත් ගිනි අවි මතු වෙයි

(UTV|මුලතිව්) – හොරොව්පතාන ප්‍රදේශයේ  යාන් ඔයේ තිබී T56 ගිනි අවි සදහා භාවිතා කරන පතොරම් 970ක් ඇතුළු ගිනි අවි අමතර කොටස් රැසක් සොයා ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ ඊයේ (12) දවස පුරා හොරොව්පතාන පොලිසිය සහ තලෙයිමන්නාරම නාවික හමුදා කදවුරේ නිලධාරින් එක්ව සිදුකළ මෙහෙයුමකදී මෙම ආයුධ තොගය සොයාගෙන ඇති බවයි.

සොයාගත් ආයුධ අතර T56 වර්ගයේ පතොරම් 970ක්,බෝම්බ කොටස්  02ක්, LMG පතොරම් වැල් 12ක් ඇතුළු යුධ උපකරන තොගයක් මෙම මෙහෙයුමේදී සොයාගෙන තිබේ.

මේ අතර පසුගිය 30 වැනිදා ද යාන් ඔයේ තිබී ආයුධ තොගයක සොයාගැනීමට පොලිසිය සමත් විය.

මේ සම්බන්ධයෙන් හොරොව්පතාන පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින අමාත්‍යවරුන්

Mohamed Dilsad

ජාතික රණවිරු සැමරුම අදයි.සාමයේ පහනක් දල්වන ලෙස ඉල්ලීමක්

Mohamed Dilsad

අම්පාර සහ නුවර සිද්ධි වලට සම්බන්ධ පිරිස් වලට එරෙහිව නීතිමය පියවර ගන්න – ඇමති රිෂාඩ් පාර්ලිමේන්තුවේදී ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment